නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුගිරිය, නවගමුව, කඩුවෙල යන ප්රදේශවල නිවාස කොල්ලකෑම් රැසකට මෙම පුද්ගලයා සම්බන්ධ බවයි පොලීසිය පවසන්නේ. සොරකම් කළ භාණ්ඩද ඔහු ළග තිබී පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඒ අතර පරිගණක යන්ත්ර, රූපවාහිනී, විදුලි පංකා ඇතුළු භාණ්ඩ රැසක් තිබූ බවයි පොලීසිය ප්රකාශ කළේ. කඩුවෙල ප්රදේශයේ නිවසක් කුළී පදනම මත ලබාගෙන ඔහු මෙම සොරකම් සිදුකර තිබෙනවා.