fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිට ජය

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 10:02

ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිට ජය

ඉන්දුනීසියා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව නැවතත් ජොකෝ විදෝදෝ ජනාධිපතිවරයා ලෙස තේරී වුණා.

කෙසේ වෙතත් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ප්‍රබෝවෝ සුබියන්තෝ එම ප්‍රතිඵලයට අභියෝග කිරීමට සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය අප්‍රේල් මාසයේදී පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ජොකෝ විදෝදෝ මෙලෙස නැවත වරක් තේරී පත්වුණා. එම මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් අද උදෑසන ප්‍රතිඵල නිකුත් කිරීමටයි මැතිවරණ කොමිසම කටයුතු කළේ. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග ඇති විය හැකි කලහාකාරී තත්වය සමනය කර ගැනීම සඳහා ඉන්දුනිසීයාවේ ජකර්තා අගනුවරට තිස්දෙදහසකට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් යෙදවීමටයි කටයුතු කෙරුණේ. ජොකෝ විදෝදෝට සියයට පනස් පහයි දශම පහක ඡන්ද ප්‍රතිශතයක් හිමි වූ අතර ප්‍රබෝවෝට හිමිවූයේ සියයට හතළිස් හතරයි දශම පහක ප්‍රතිශතයක් බවයි එරට මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. මෙවර පැවති මැතිවරණය සදහා මිලියන 192 ක පිරිසක් ඡන්දය සදහා සුදුසුකම් ලබා සිටි අතර මහජන නියෝජිතයින් විසිදහසක් ප්‍රාදේශීය සහ ජාතික මට්ටම සදහා එහිදී තෝරා ගැනුණා. මැතිවරණ කොමිසම සදහන් කරන්නේ මෙවර මැතිවරණය ඉතාම සාමකාමී අයුරින් පැවති බවයි

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්