මීගමුව කොච්චිකඩේ පොලිස් වසමේ ඕවිටියාව මාඔය අසල කැළෑ ප්රදේශයක සඟවා තිබූ දුරකථන සිම් කාඩ් පත් 1475 ක් සොයා ගෙන තිබෙනවා. එම සිම් කාඩ් පත් එක්තරා පෞද්ගලික සමාගමකට අයත් ඒවා බවයි පොලීසිය පවසන්නේ.
ඊයෙ සවස මා ඔයේ මසුන් ඇල්ලීමට ගිය තරුණ පිරිසකට මෙම සිම් කාඩ්පත් අඩංගු පාර්සලය හමුවීමෙන් අනතුරුව ඔවුන් පොලීසිය දැනුවත් කර තිබෙනවා. ඒ අනුවයි පොහොර උරයක සඟවා තිබූ අදාළ සිම් කාඩ් තොගය පොලිස් භාරයට ගැනුණේ. මෙම සිම් කාඩ් පත් තොගය සමග කාන්තාවකගේ ලිපිනයක් සහ දුරකතන අංකයක් හමුවී තිබෙනවා. කොච්චිකඩේ පොලීසියි මේ පිලිබදව පරීක්ෂණ පවත්වනවා.