fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා A කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 09:45

ශ්‍රී ලංකා A කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වෙයි

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම දින හතරක ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහ එක්දින ක්‍රිකට් තරග පහකට සහභාගි විම සදහා අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කන්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වලටද එක් වුණා.  මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ අශාන් ප්‍රියන්ජන්. දගපන්දු යවන ක්‍රිඩක ලසිත් ඇඹුල්දෙණියට මෙම තරග සංචාරය අහිමි වුණා. ඒ ඔහුගේ ඇගිල්ලෙහි ආබාධ තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙනුයි. ඔහු වෙනුවට දග පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ සංචිතයට නම් කර තිබෙනවා. තරගාවලියේ පළමු නිලනොවන ටෙස්ට් තරගය ලබන 25වනදා ඉන්දියාවේ බෙල්ගාම් හිදි සහ දෙවන ටෙස්ට් තරගය 31 වනදා හබ්ලිහිදිත් ආරම්භ වනවා. පළමු එක්දින තරගය ආරම්භ වන්නේ ජුනි 06 වනදායි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 09:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්