ඉබෝලා වෛරසය පැතිරයාම හේතුවෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 1147 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
1739 දෙනෙකුට මේ වනවිට රෝගය වැළඳී තිබෙනවා. සෞඛ්‍ය අංශ දත්තවලට අනුව පසුගිය සති තුන තුළදී රෝගය ආසාධනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 20% ක්. සෞඛ්‍ය සේවකයින් එකසිය දෙදෙනෙකුට ද රෝගය වැළදී ඇති බවයි සදහන් වන්නේ. ඉබෝලා බලපෑමට ලක්වූ කොංගෝ රාජ්‍යය, දකුණු සුඩානය සහ උගන්ඩාහි රෝගය මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට මේ වන විට ඇමෙරිකා ඩොලර් මිලියන 30 ක මුදලක් ලැබී තිබෙනවා.