එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පසු පාකිස්ථානය තුළ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් පැවැත්විමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියාව,එංගලන්තය සහ වේල්ස් ක්‍රිකට් ආයතනත් සමග සකාච්ඡා වටයක් පැවැත්විමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතන නිළධාරීන් සමග ද සාකච්ඡාවක් මැයි 26 වනදා පැවැත්වෙන ආසියානු සංවර්ධන රැස්විමේදී පැවැත්වීමට නියමිතයි. වසර 14කට ආසන්න කාලයක් මුළුල්ලේ එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරත නොවීම හේතුවෙන් මෙම තරගාවලිය ඓතිහාසික තරගාවලියක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් පවසනවා.