එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් තේරිම් කමිටුව ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ යුත් අතිරේක සංචිතයක් නම් කර තිබෙනවා.
නිමාවු ඉන්දියර් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම නියෝජන කළ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ඩ්වේයන් බ්රොවෝ සහ කිරන් පොලොඩ් එම අතිරේක සංචිතයට නම් කර තිබිම විශේෂත්වයක්. 2018 වර්ෂයේ ඔක්තොම්බර් මාසයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට නිවේදනය කළ ඩ්වේයන් බ්රොවෝ නැවත එරට ජාතික කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කර තිබෙනවා. බංග්ලාදේශය හා අයර්ලන්තය සමග නිමාවට පත් වූ ත්න්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම නියෝජනය කළ සුනිල් ඇම්බ්රස් සහ රේමන් රෙයිෆර්ද් මෙම අතිරේක ක්‍රීඩකයන් අතර ඇතුලත් වනවා.