fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසත්‍ය ප්‍රකාශ නොසලකා දරුවන් පාසල් වෙත එවන්න

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 14:53

අසත්‍ය ප්‍රකාශ නොසලකා දරුවන් පාසල් වෙත එවන්න

ජනතාව බියගන්වන සුලු අසත්‍ය ප්‍රකාශ නොසලකා දරුවන් පාසල් වෙත එවන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කතානායකවරයා තවදුරටත් කියාසිටින්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත ව්‍යාපාරය සියයට අනූපහක් විනාශකර හෝ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ තහවුරුකර ඇති බවයි. ඒ අනුව අප අතර ඇති සහෝදරත්වයේ බැදීම, ගෞරවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය බිද දැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතුයි. නැවතත් ගොඩ ආ නොහැකි ප්‍රපාතයකට මව්බිම ඇද දමන එවැනි ක්‍රියාවලින් වැළකී කුමන දේශපාලන අදහස් නියෝජනය කළද මව්බිම මුහුණදෙන මෙවන් අර්බුද වලදී එක්සත්ව කටයුතු කළයුතු බවද කතානායකවරයා පවසනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්