සුරාබදු වැටලීම් වලින් සැකකරුවන් 754 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා.
වෙසක් පොහොය සමයේ දීප ව්‍යාප්තව වැටලීම් 756ක් සිදුකර තිබෙනවා. ඊට සහභාගී වූ නිලධාරීන් ගණන 1200ක්. අද දිනයේදී ද වැටලීම් සිදු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ. නීතිවිරෝධිව මත්පැන් නිෂ්පාදනය කළ ස්ථාන මෙන්ම අළෙවි කළ ස්ථාන ද වටලා තිබෙනවා. මීට අමතරව හෙරොයින්, ගංජා, අබින් වැනි මතද්‍රව්‍ය වැරදී සම්බන්ධයෙන් ද වැටලීම් සිදුකළ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.