තේ කොළ සඳහා එක් කිරීමට සූදානම් කර තිබූ රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තේ කොළවල වර්ණය සහ බර ව්‍යාජ ලෙස වැඩිකර ගැනීමට මෙම රසායන ද්‍රව්‍ය එක්කරන බවයි අනාවරණය වි ඇත්තේ. රසායන ද්‍රව්‍ය ලීටර 1600කට අධික ප්‍රමාණයක් මෙහිදී සොයා ගැනුණා. ඊට අමතරව වාහන අංක තහඩු පහක් සහ එකම අංකය සඳහන් ව්‍යාජ හැඳුනුම්පත් තුනක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.