යුක්රේන ජනාධිපතිවරණය ජයග්රහණය කළ එරට විකට නළු වොලඩිමීර් සෙලෙන්ස්කි අද ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනවා.
කීව් අගනුවරදී උත්සවය පැවැත්වෙන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. මින්පෙර දේශපාලන අත්දැකීම්වලින් රහිත සෙලෙන්ස්කි ඓතිහාසික ජයග්රණයක් සටහන් කරමින් ජනාධිපතිවරණයෙන් ජය ගත්තා. ඒ 2014 වසරේදී ජනාධිපති ධුරයට පත් වූ පෙට්රෝ පොරෝෂෙන්කෝ පරාජය කරමින්. නැගෙනහිර ප්රදේශයේ රුසියා සහාය ලබන කැරළිකරුවන් සමඟ සටන් කිරීමත්, දූෂණය තුරන් කිරීමත් ඔහුගේ මැතිවරණ ප්රචාරණයේ ප්රධාන තේමාවන් බවට පත්වුණා.