fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි අවි භාවිතය පිළිබඳ නීති දැඩි කිරීමට ස්විට්සර්ලන්ත ජනතාවගේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 10:08

ගිනි අවි භාවිතය පිළිබඳ නීති දැඩි කිරීමට ස්විට්සර්ලන්ත ජනතාවගේ අනුමැතිය

ගිනි අවි භාවිතය පිළිබඳ නීති වැඩි කිරීමට ස්විට්සර්ලන්ත ජනතාවගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඉහළම මට්ටමේ ගිනි අවි හිමිකාරිත්වය සහිත ලොව16 වන රට ලෙසයි ස්විට්සර්ලන්තය සැලකෙන්නේ. පැවති මත විමසීමේදී සියයට 63කට වැඩි ප‍්‍රතිශතයක් නීති දැඩි කිරීම සඳහා සිය කැමැත්ත ප‍්‍රකාශ කර ඇති බවයි  එරට වාර්තා සඳහන් කරන්නේ. යුරෝපා සංගමයේ ගිනි අවි නීතිවලට සමගාමීව පවතින නීති වෙනස් කිරීමයි ස්විටිසර්ලන්තයේ අරමුණ. ඒ පසුගිය වසර දෙක තුළදී ප‍්‍රංශය, බෙල්ජියම, ජර්මනිය සහ බි‍්‍රතාන්‍යයේ සිදුවූ වෙඩි තැබීම් සැලකිල්ලට ගනිිමින්. එරට පවතින නීති වෙනස් කිරිමේ දී ජනතාවට තම මතය ඍජුවම ප‍්‍රතිපත්ති සම්පාදකයින්ට ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වනවා. ස්විට්සර්ලන්තය යුරෝපා සංගම් සමාජිකත්වය නොදැරුව ද එය සින්ජෙන් කලාපයේ රටක් ලෙසයි කටයුතු කරන්නේ. එහිදී යුරෝපා සංගමයේ රටවල් හා සමගාමීව කටයුතු කිරීමේ අවස්ථාව හිමිවන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්