සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් අති විශාල පිරිසක් මේ දිනවල පැමිණෙන බව වාර්තා වනවා. ඊයේ දිනය තුළ පමණක් සංචාරකයින් දසදහසකට අධික පිරිසක් සීගිරිය නැරඹූ බවයි වාර්තා වන්නේ.
මැයි 18, 19, 20 යන දිනවල සීගිරිය නොමිලේ නැරඹීමට අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළා. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින් රැසක් සීගිරිය නැරඹීමට පැමිණියා. ඒ හේතුවෙන් සීගිරිගල මුදුනෙහි දැඩි තදබදයක් ද දක්නට ලැබුණා. සීගිරිය නොමිලේ නැරඹීමට ලැබෙන අවස්ථාව අදින් අවසන් වනවා. සීගිරිය කෞතුකාගාරය නැරඹීමට ද විශාල පිරිසක් එක්ව සිටියා. ඉපැරණි කසුප් රජ දවස සීගිරිය පැවති ආකාරය තාක්ෂණික සජීවීකරණ ත්‍රිමාණ රූපරාමු හරහා දැකබලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට මෙහිදී අවස්ථාව උදාකර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසුවේ සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට මෙය නවමු අත්දැකීමක් බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/g_D26pr1leI”]