දේශප්‍රේමීත්වය ගැන බොරුවට කතා කරන කාඩ්බෝඩ් වීරයින්ට නොරැවටෙන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තිස්සමහාරාම වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ.
වෙහෙරගොඩැල්ල ඉපැරණි චෛත්‍යයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. වෙහෙරගොඩැල්ල පුරාවිද්‍යා ස්මාරක භූමිය තුළ පිහිටා ඇති මෙම චෛත්‍යයේ කැණීම් සිදු කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මධ්‍යම සංස්කෘතික අරමුදල පළමු අදියර සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 108 ක්. තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ තීන්ත ආලේප කිරීම සඳහා මූල්‍යාධාර ලබා දීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා.