එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු පුහුණු තරග දෙක සඳහා ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා. තරගාවලියට එක්විම පිලිබඳ අවසන් තීරණයක් නොගැනීම ඊට හේතුව බවයි ITN ප්රවෘත්ති අංශය සමග ඔහු පවසා සිටියේ.
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තව දින 11 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කන්ඩායම පුහුණු තරග දෙකකට එක්වනවා. ඉන් පළමු තරගය මැයි 24 වනදා දකුණු අප්‍රිකාව එරෙහිව සහ දෙවනි තරගය මැයි 27 ඕස්ට්‍රේලියාව එරෙහිව පැවැත්වෙනවා. කෙසේ වෙතත් මෙම තරග දෙකටම තමන් එක් නොවන බව ලසිත් මාලිංග පවසනවා. ඒ තරගාවලියට එක්විම පිලිබඳව අවසන් තීරණයක් නොගැනීම හේතුවෙනුයි. ලසිත් මාලිංග 22වනදා කන්ඩායම සමගින් එක්වනු ඇති බවයි තේරිම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා මීට පෙර ITN ප්රවෘත්ති අංශය සමගින් පවසා සිටියා. මාලිංග තරගාවලියට එක්විමේ අවසන් තීරණයක් ගෙන නැත්තේ නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙනුයි.