පවතින වියළි කාලගුණයත් සමඟ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජල විදුලිය නිපද වන ජලාශ රැසක ජල මට්ටම් මේ වනවිට පහත බැස ඇති බවයි අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. ඒ හේතුවෙන් අනවශ්‍ය විදුලි පහන් නිවාදමා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි අමාත්‍යාංශය ජනතාවෙගන් ඉල්ලා සිටින්නේ.