2019 යුරෝවිෂන් ගීත තරගාවලියේ ජයග්‍රහණය නෙදර්ලන්තයට
Related Articles
2019 යුරෝවිෂන් ගීත තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.
මෙවර තරගය පැවැත්වුණේ 64 වන වරටයි. ඊශ්‍රායලයේ ටෙල් අවීව් හි පැවති තරගය අදියර තුනකින් සමන්විත වුණා. නෙදර්ලන්තයේ ඩන්කන් ලෝරන්ස් ඔහුගේ අකේඩ් නම් ගීතය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා. නෙදර්ලන්තය අවසන්වරට යුරෝවිෂන් සම්මානයක් දිනාගත්තේ 1975 වසරේදීයි. දෙවන ස්ථානය ඉතාලියත් තෙවන ස්ථානය රුසියාවත් දිනාගත්තා.