තෙත් බිම් රක්ෂිතයක කෝමාරිකා පැළ ජාවාරමක නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්රකාශ කළා.
ඒ ඔවුන් එම කෝමාරිකා ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටියදී. උතුරු මැද නාවික විදානයට අයත් සෙබළුන් පිරිසක් වැටලීම සිදුකළේ වංකාලේ තෙත් බිම් රක්ෂිත ප්රදේශයේදී. ඉදිරි පරීක්ෂණ සඳහා එම පුද්ගලයන් පොලීසියට භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.