නවසීලන්ත පිතිකරු ටොම් ලේතම්ට එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ අතෙහි ඇගිල්ලක ඇති වූ අබාධ තත්ත්වයක් හේතුවෙන්.
ඕස්ට්‍රේලියාව සමග නිමා වූ තුන්වන නිලනොවන එක්දින ක්‍රිකට් තරගයේදීයි ඔහු මෙම ආබාධ තත්ත්වයට ගොදුරු වුණා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහභාගිවන පළමු තරගය ජුනි 01වනදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙනවා. එම තරගය මෙන්ම නවසීලන්තය සහභාගිවන පුහුණු තරග දෙක සදහා ද ටොම් ලේතම්ට ක්‍රිඩා කිරිමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.