fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බියෙන් සැකෙන් තොරව සංචාරයට පැමිණෙන්න – සර්ව ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 13:17

බියෙන් සැකෙන් තොරව සංචාරයට පැමිණෙන්න – සර්ව ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාව සියලු ජාතීන් එකට සිටින සාමකාමී ආරක්ෂිත රටක් බවත්, බියෙන් සැකෙන් තොරව සංචාරය සදහා පැමිණෙන ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා. වාද්දුව ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී සර්ව ආගමික නායකයින්,මෙරටට පැමිණ සිටින විදේශිකයින් මෙම ඉල්ලීම කර සිටියා.

ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බවත් තම සහෝදර පිරිසට මෙරට සංචාරය සදහා පැමිණෙන ලෙසත්, එම අවස්ථාවට එක්වූ මෙරට රැදී සිටින විදේශිකයින් ඉල්ලීමක් කළා. සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම මාධ්‍ය හමුවේදී විදේශිකයන් හට ආශිර්වාද එක් කිරීමක් ද සිදුවුණා.

මේ අතර 21  ප්‍රහාරයෙන් හානියට පත් සංචාරක කර්මාන්තය නංවාලීම සදහා උණවටුන සංචාරක කලාපයේ ව්‍යාපාරිකයන් අතර හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සංචාරක ව්‍යාපාරයේ නිරතවූවන් සදහා රජයෙන් ලබා දෙන සහන පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු අතර ඒවාට අවශ්‍ය පියවර ගැනීමට රජය අවධානය යොමු කරන බවද විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්