fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – ස්කෝට්ලන්ත පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමේ

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 12:35

ශ්‍රී ලංකා – ස්කෝට්ලන්ත පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමේ

ශ්‍රී ලංකාව සහ ස්කෝට්ලන්තය අතර පැවැත්විමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් ඊයේ  තීරණය කළා.

තරගය ආරම්භ කිරිමට නියමිතව තිබුණේ ඊයේ දින මෙරට වේලාවෙන් පස්වරු 03.30ටයි. එඩින්බර්ග් ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයේ වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය ප්‍රමාද වී පටන් ගැනිමට විනිසුරුවන් තීරණය කළද මෙරට වේලාවෙන් රාත්‍රි අටට නැවතත් ක්‍රිඩාංගනය පරික්ෂා කිරිමෙන් අනතුරුව පළමු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට ඔවුන් තීරණය කළා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් ලබන 21වනදා පැවැත්විමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 12:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්