fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය මැතිවරණය අවසන් – ප්‍රතිඵල ලබන 23 වනදා

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 11:41

ඉන්දීය මැතිවරණය අවසන් – ප්‍රතිඵල ලබන 23 වනදා

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියරේ ඡන්ද විමසීම අද පැවැත්වුණා. ආසන 59ක් සඳහා අපේක්ෂකයින් 912 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.

කෝටි 10කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සූදුසුකම් ලබා සිටියා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වාරානාසි හා උත්තර් ප්‍රදේශ් ආසන සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටියා. අදියර 7කින් යුතු ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර වන අද දිනයෙන් අනතුරුව ලෝක් සභාව සඳහා තෝරා ගන්නා මන්ත‍්‍රීවරුන් 543 දෙනා තෝරා පත්කර ගනු ඇති. අවසන් ඡන්ද ප්‍රතිඵල මැයි 23 වනදා නිකුත් කිරීමට හැකි බවයි  ඉන්දීය මැතිවරණ කාර්යාලය පවසන්නේ. ඡන්ද විමසීම අතරතුර බෙංගාල ප්‍රාන්තයේ ඇතුලු ස්ථාන කිහිපයක් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්