fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේජර් ලීග් ක්‍රිකට් ශුරතාවයන් දිනා ගත් ක‍්‍රීඩා සමාජ 2 කට බස් රථ

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 10:42

මේජර් ලීග් ක්‍රිකට් ශුරතාවයන් දිනා ගත් ක‍්‍රීඩා සමාජ 2 කට බස් රථ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ මේජර් ලීග් ක්‍රිකට් ශුරතාවයන් දිනා ගත් හලාවත මෙරියන්ස් ක්‍රිකට්  ක්‍රිඩා සමාජයට සහ කොළඹ ක්‍රිකට් සමාජයට බස් රථ දෙකක් ප්‍රධානය කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මෙම සුඛෝපභෝගි බස් රථ දෙකක් ප්‍රදානය කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවින් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.  ඒ අනුව මේජර් ලීග් ක්‍රිකට් ශුරතාව 2017-2018 වර්ෂයන්හි  ජයග්‍රහණය හලාවත මෙරියන්ස් ක්‍රිඩා සමාජය දිනාගත් අතර 2018-2019 තරගාවලිය ජයග්‍රහණය කිරිමට කොළඹ ක්‍රිකට් සමාජය සමත් වුණා. ප්‍රධානය කළ එක් බස් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 92ක් පමණ වනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 10:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්