අදත් දිස්ති‍්‍රක්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්
Related Articles
අදත් දිස්ති‍්‍රක්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මන්නාරම, වව්නියාව සහ මුලතිව් ප්‍රදේශ ඊට අයත්. අද දිනයේ එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානයකට යොමු කළ යුතු මට්ටමක පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජලය පානය කිරීම ඇතුලු ක්‍රම මගින් ඉන් ආරක්ෂාවීමට හැකියාව සැලසෙනවා. කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් සහ වයස්ගත මෙන්ම රෝගී පුද්ගලයන් ද මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.