ඔස්ටේ්රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් යළි මැතිවරණය ජයග්‍රහණය කළා.
කන්සර්වේටිව් සභාග රජය යලි තෝරාපත්කර ගැනීම පිළිබඳ සිය ඡන්ද දායකයන්ට ස්තූති කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. සැමවිටම ප්රාතිහාර්යන් විශ්වාස කළ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර මැතිවරණ පරාජය හේතුවෙන් තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බව විපක්ෂ නායක බිල් ෂර්ටන් ප්‍රකාශ කළා. ලේබර් පක්ෂ නායකයා මෙම ප්‍රකාශය සිදු කළේ ඔස්ටේ්රලියා අගමැතිවරයා ලෙස යලි ස්කොට් මොරිසන් විශාල ඡන්ද ප්‍රතිශතයක් සහිතව තේරීපත්වීමෙන් පසවුයි. මැතිවරණයේ සමස්ථ ප්‍රතිඑලය තවම නිකුත් කර නැහැ. එහෙත් සමස්ථ ආසන සංඛ්‍යාවෙන් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් කන්සර්වේටිව් සභාග රජය ජයග්‍රහණය කර ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. කන්සර්වේටිව් පක්ෂයට ආසන 74 ක් සහ ලේබර් පක්ෂයට ආසන 66 ක් හිමිව තිබෙනවා. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන්නේ ආසන 76 ක් පමණයි.