fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරුවේ

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 13:55

සංචාරක ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරුවේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  සහ ස්කොට්ලන්ත ක්‍රිකට් කන්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරුවේ ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්ත කණ්ඩායම සමගින් තරග දෙකකට එක්වනවා.  දෙරට අතර පළමු තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට එඩිම්බරෝහි ග්‍රේන්ජ් ක්‍රිඩාපිටියේදී ආරම්භ වනවා. මෙම තරග දෙකටම ලසිත් මාලිංග ක්‍රිඩා නොකරන අතර ඔහු ලබන 22 වැනිදා කණ්ඩායමට එක්වීමට නියමිතයි. කයල් කොට්සර් නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 14 දෙනෙකු ඇතුලත්.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ක්‍රිඩා කළ ස්කොට්ලන්ත සංචිතය සමග සැසදීමේදී මෙම සංචිතයේ සිදුව ඇත්තේ එක් වෙනසක් පමණයි. එනම් අබාධයට ලක් වු රිචි බෙරින්ටන් වෙනුවට ඩෙලන් බඩ්ජ් වසරකට පමණ පසු ස්කොට්ලන්ත සංචිතයට කැදවා තිබිමයි. දෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ ලබන 21 වැනිදායි.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 13:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්