fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දික්ඔය ඇලට කසල තේ හා දැවි තෙල් එක්වීමෙන් පරිසර ගැටලු රැසක්

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 13:46

දික්ඔය ඇලට කසල තේ හා දැවි තෙල් එක්වීමෙන් පරිසර ගැටලු රැසක්

කාසල්රී ජලාශයට හැටන් සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින දික්ඔය ඇලට කසල තේ හා දැවි තෙල් එක්වීමෙන් පරිසර ගැටලු රැසක් මතුව තිබෙනවා.

ප්‍ර දේශයේ තේ කර්මාන්ත ශාලාවක කසල තේ හා දැවි තෙල් මෙසේ දික් ඔය ඇලට මුදාහරින බවයි අප වාර්තා කරු පවසන්නේ. කිසිදු පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකර මෙසේ කසල තේ හා දැවි තෙල් මුදා හැරීම සිදුවනවා.  මේ දිනවල පවත්නා වියළි කාලගුණය හේතුවෙන් ඇල මාර්ගයේ ජලය ගලා බැසීම ද අඩුවී තිබෙනවා. ඇල මාර්ගයේ ජලය කළු පැහැයෙන් යුක්ත බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ හේතුවෙන් ප්‍ර දේශයේ වතු කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිනවා. මේ පිළිබද ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කාර්යාලයේ නිලධාරීන් ද දැනුවත් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 13:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්