fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොඩනැගිලි, බුද්ධ පිළිම, බෝගස් විනාශ කිරීමට හැකිවුවද මනසේ තිබෙන දේ විනාශ කළ නොහැකියි

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 12:38

ගොඩනැගිලි, බුද්ධ පිළිම, බෝගස් විනාශ කිරීමට හැකිවුවද මනසේ තිබෙන දේ විනාශ කළ නොහැකියි

තණ්හාව, වෛරය, ක්‍රෝධය මුල් කරගනිමින් ගොඩනැගිලි, බුද්ධ පිළිම, බෝගස් විනාශ කිරිමට හැකි වුවද හිතේ සහ මනසේ තිබෙන දේ කිසිවෙකුට විනාශ කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.  රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන තොටගමුව පුරාණ රත්පත් විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධ පූජා පිංකමට සහභාගිවීමෙන් පසු රැස්ව සිටි සිල්වතුන් අමතමින් මේ බව කියා සිටියා.

මනංපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථ ශ්‍රී විජය පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වතුරවිල සුමේධ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බුද්ධ පූජා පිංකම පැවැත්වුණා. මෙරට විසූ අසමසම කවීන්ද්‍රයාණන් වහන්සේ ලෙස සැළකෙන ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැඩ විසූ පුන්‍ය භූමිය වන තොටගමුව පුරාණ රත්පත් විහාරය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් මෙවර පැවැත්වෙනවා. වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක සහ ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇතුළු මැතිඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 12:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්