ඉවසිලිමත්ව සංයමයෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙමින් වෙසක් උත්සවය සමරමු
Related Articles
බෞද්ධයන් වශයෙන් ඉවසිලිමත්ව සංයමයෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙමින් වෙසක් උත්සවය සමරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ආචාර්ය අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නායක මාහිමිපාණෝ වෙසක් දින පණිවුඩයක් නිකුත්කරමින් කියාසිටිනවා.
එදා මෙදාතුර වසර 2562 ක් ඉක්මවා ගොස් ඇතත් බුදුන් වහන්සේ දෙලොව යහපත සදහා දේශනා කළ නිර්මල ධර්මය අදටත් පවතී. කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවත් එම ධර්මය පිළිපැදීම තුළින් දෙළොව යහපත සළසාගත හැකි බවයි මහනායක මාහිමිපාණෝ සිය වෙසක්දින පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.