fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ඥානාන්විතව ආරක්ෂාකාරීව සාමකාමීව උතුම් තෙමඟුල සමරමු

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 11:14

ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ඥානාන්විතව ආරක්ෂාකාරීව සාමකාමීව උතුම් තෙමඟුල සමරමු

රට තුළ උද්ගතව පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ඥානාන්විතව ආරක්ෂාකාරීව සාමකාමීව උතුම් තෙමඟුල් දිනය සැමරීමට අදිටන් කරගන්නා ලෙස මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මාහිමිපානන් වහන්සේ වෙසක් දින පණිවුඩයක් නිකුත්කරමින් කියාසිටිනවා. බෞද්ධ සභ්‍යත්වය සංස්කෘතිය හා ශිෂ්ඨාචාරය අනුව හැඩගැසුනු ශ්‍රී ලාංකිකයන් එදා සිට අද දක්වාම අන්‍ය ආගම්වලට හා අන්‍ය ජාතීන්ට සහනශීලීව සැලකූහ. එම නිසා අන්‍ය ආගමිකයන්ට ස්වකීය ධර්මය නිදහසේ ඇදහීමටත් බහුතර බෞද්ධ ජනතාව සමග එක්ව සාමකාමීව ජීවත්වීමට අවස්ථාවක් සැලසුන බවද මහනායක හිමිපාණෝ සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.

බෞද්ධ ඉතිහාසයේ කවර දිනකවත් අන්‍ය ආගමිකයන්ට බුදු දහමේ නාමයෙන් තාඩන පීඩන වදබන්ධන හෝ මිනිස් සංහාරයන් සිදුකළ බවට සාධක ඉදිරිපත් නොවේ. බෞද්ධයෝ කිසිකලෙකත් ශුද්ධ වූ ආගමික යුද්ධ සිදු නොකල බව පෙන්වා දෙන මහ නායක හිමිපාණෝ කිසිදු ආකාරයෙන් බලහත්කාරයෙන් අගතිකාමීව බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියානොකළ බව ද පෙන්වා දී තිබේ.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්