ජාති ආගම් වශයෙන් බෙදී වෙන්වී විනාශය වැළඳගැනීම වෙනුවට එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මිනිසුන් ලෙස සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වෙසක් පණිවුඩය මගින් පෙන්වා දෙනවා. මෙවර වෙසක් පොහෝ දිනය එළඹෙන්නේ අනපේක්ෂිත ත්‍රස්ත ප්රහාරයන් නිසා සමාජය කැළඹීමට බියට මෙන්ම වේදනාවට පත්ව සිටිනඅවිනිෂ්චික අවස්ථාවක බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා ඒ හේතුවෙන් ආමිස පූජාවන්ගෙන් බැහැරවන්නට සිදුවුවද බුදුදහමේ උත්තරීතර වටිනාකම්මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් එක්සත්ව කටයුතු කිරීම වැදගත් බව පෙන්වා දෙනවා.
බුදුදහමේ මූලික හරය කැටි වූ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ පිළිපදින්නේ නම් අප තුළ අධ්‍යාත්මික නිවීමත් පොදුවේ සමාජය තුළ සාමය සහ සංහිදියාවත් ගොඩනැගීමට හැකිවනු නිසැකය. අර්බුදකාරී අවස්ථාවන් මනාව වටහා ගනිමින් ඉවසිලිවන්තව සංයමශීලීව කටයුතු කරමින් ජාතික ආරක්ෂාව ඇති කිරීම සදහා සහාය ලබාදුන් සමස්ත ජනතාවට හෘදයාංගම ප්‍රණාමය ද අග්‍රාමාත්‍යවරයා සිය වෙසක් පණිවුඩය මගින් පුදකර තිබෙනවා. අසත්පුරුෂයා සත්පුරුෂකමින්ද, වෛරය අවෛරයෙන්ද, අධර්මය ධර්මයෙන්ද, අසත්‍ය සත්‍යයෙන්ද දිනවීමට පෙරමුණ ගන්නා අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි අග්‍රාමාත්‍යවරයා සිය වෙසක් පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.