බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්මවා අපිරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැගීම පිළිබද බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප යළි යළිත් මෙනෙහි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙසක් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා. අන්‍යෝන්‍ය විශ්වාසය සහිත මෛත්‍රීසහගත සමාජයක් උදාකිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරය නොසන්සිදේ යන සදාතන සත්‍යය කෙරෙහි අප යළි යළිත් සිත් පිහිටුවාලීමට කටයුතු කළ යුතු බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.
උදාරතර බෞද්ධ ඉතිහාසයක් පිළිබදව අවබෝධයක් ඇති අප අවි ආයුධ බලය අතිශය තාවකාලික බව වටහාගෙන තිබේ. කවර පරමාර්ථයකින් පෙනී සිටියද පාපය නිරයට මග බව දැන බුදුන් වහන්සේ වදාළ මෙත්කරුණා ගුණ පෙරදැරිව රට ස්ථීරසාර අභිවෘද්ධියක් මෙන්ම නිරුපද්‍රිත දේශයක් බවට පත් කිරීමට වෙසක් සමයේ ලක්වැසි සියලු දෙනා අදිටන් කරගත යුතු බවයි ජනාධිපතිතුම්න සිය පණිවුඩය මගින් අවධාරණය කර ඇත්තේ.