සමාජ ජාලා වෙත පිවිසීමට පනවා තිබූ බාධා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඒ අනුව මේ වන විට එම සියලු සමාජ මාධ්‍ය භාවිතය සදහා සියලු දෙනාට හැකියාව ලැබෙනු ඇති බවයි. පසුගිය 13 වනදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා ෆේස්බුක්, වට්ඇප් සහ වයිබර් යන සමාජ ජාලා තාවකාලිකව අවහිර කිරීමට රජය කටයුතු කරනු ලැබුවා.