fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතීන් ලෙස බෙදී ත්‍රස්ත අරමුණු ඉටු කර ගැනීමට ඉඩ නොතබන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 19:26

ජාතීන් ලෙස බෙදී ත්‍රස්ත අරමුණු ඉටු කර ගැනීමට ඉඩ නොතබන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

ජාති වශයෙන් බෙදී වෙන් වී ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. තොටගමුව රත්පත් රජමහා විහාරයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

මෙරට විසූ අසමසම කවීන්ද්‍රයාණන් වහන්සේ ලෙස සැළකෙන ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැඩ විසූ පුන්‍ය භූමිය වන තොටගමුව පුරාණ රත්පත් විහාරය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් මෙවර පැවැත්වෙනවා. එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. තොටගමුව පුරාණ රත්පත් රජමහා විහාරය පූජා නගරයක් බවට පත් කිරීමට අදාළ සමරු ඵලකය ජනාධිපතිතුමා නිරාවරණය කළේ ඉන් අනතුරුවයි. ඊට අදාළ ඔප්පුව සහ සන්නස්පත්‍රය විහාරාධිපතිවරුන් තිදෙනා වෙත පිළිගැන්වීම උත්සව සභාවේදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. විහාරස්ථාන සහ දහම් පාසල් සදහා මූල්‍ය ආධාර ලබාදීම සාමණේර උප සම්පදා සහතික පත් ප්‍රාදේශීය කාර්යාල මගින් නිදහස් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

මෙහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා අවධාරණය කළේ ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී  එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බවයි. සත්‍ය ගමන් කරන්නේ ඉතා සෙමින් වන අතර අසත්‍ය ඉතා වේගයෙන් ගමන් කරන බවද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 19:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්