ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාල පරිශ්‍රයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිදු විය. අභිනව ධාතු මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පළමු පුෂ්පෝපහාරය සිදු කළේය.
අනතුරුව අභිනව ධාතු මන්දිරයේ සර්වඥ ධාතුන් වහන්සේ සහිත කරඬුව තැන්පත් කළ ජනාධිපතිතුමා එම ධාතුන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දේවාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, වජිර අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ද සීනිගම, දෙවොල් මහා දේවාලයේ භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.