fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැල්ලම්පිටිය තඹ කම්හලෙන් අත්අඩංගුවට ගත් සැකකරු යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 17:32

වැල්ලම්පිටිය තඹ කම්හලෙන් අත්අඩංගුවට ගත් සැකකරු යළි රිමාන්ඩ්

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේ්වයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු මේමස 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කළා. සැකකරු ෂැන්ග‍්‍රිලා ප‍්‍රහාරය එල්ල කළ ඉන්සාම් අහමඩ් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ. ඉන්සාම් අහමඩ් සැකකරුගේ විවාහ මංගල්‍යයට ලක්ෂ දෙකක මුදලක් ලබාදී ඇති බව ද පරික්ෂණවලදී හෙළිවුණා. සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 75 ක් වටිනා චෙක්පත් තුනක් ද සොයාගෙන තිබෙනවා. තඹ කම්හලේ සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් සේවකයන් නවදෙනා ඇපමත මුදාහැරිමට මීට පෙර කටයුතු කළා. ඔවුන් බහුලව ඇමතුම් ලබාගත් දුරකථන අංක 10 ක් පිලිබදව ඇමතුම් වාර්තා කැදවීමට ද මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට අවසර ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්