fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දින 9 ක් තුළ පාකිස්තානයේ 185 කට ඒඩ්ස්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 16:53

දින 9 ක් තුළ පාකිස්තානයේ 185 කට ඒඩ්ස්

පාකිස්තානයේ දකුණු දිග ප්‍රදේශයේ එච් අයි වී ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ එච් අයි වී ආසාධිතයින් 400 කට අධික පිරිසක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඒ මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි. පසුගිය දින නවය තුළ පමණක් රෝගීන් 4703 ක් පරීක්ෂාවට ලක් කෙරුණා. ඉන් 185 දෙනෙකු එච් අයි වී ආසාධිතයින් බව තහවුරු වී තිබෙනවා. ඉන් වැඩි පිරිස ළමුන් බවයි පැවසෙන්නේ. ආසාධිත පුද්ගලයින් සදහා භාවිත කරණ වෛද්‍ය උපකරණ නිසි ක්‍රමවේදයකින් තොරව යළි පරිහරණයට ගැනීම හේතුවෙන් රෝගය පැතිරයාම සිදුවන බවයි මේ පිළිබද කළ සොයා බැලීම්වලදී හෙළිව ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්