ජනමාධ්‍යවේදීන් සදහා ලබාදෙන මාධ්‍ය අරුණ විශේෂ ණය යෝජනා ක්රමයේ අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව ලබන 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළ නැංවීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන්නේ. මේ සදහා ඉල්ලුම් කරන්නන් සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2019 මැයි 31 වන දින හෝ එදිනට පෙර එවිය යුතුයි. වැඩි විස්තර සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් හෝ 0112 513 645 / 0112 513 460 යන දුරකතන අංක මගින් ලබා ගත හැකියි.