ශ්‍රී‍්‍ර ලංකාවට එල්ලවන ත්‍රස්ත තර්ජන ඉන්දියාවට එල්ලවන තර්ජනයක් හා සමාන බව ඉන්දිය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා ප්‍රකාශ කළා. ශ්‍රී‍්‍ර ලංකාවේ ත්රස්තවාදයට එරෙහි වැඩපිළිවෙලට පූර්ණ සහය ලබාදෙන බවයි ඉන්දිය මහ කොමසාරිස්වරයා සදහන් කළේ. ඒ මහනුවර ශ්‍රී‍්‍ර දළදා මාළිගයේදි මාධ්‍යයට අදහස් දක්වමින්. ත්‍රස්තවාදය පරාජය කිරිමේදි ඉන්දියාව ශ්‍රී‍්‍ර ලංකාව සමඟ ඉතා සමීපව සහ ශක්තිමත්ව නැගී සිටින බවයි මහ කොමසාරිස්වරයා සදහන් කළේ.