fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමු තේ දළුවලට ප‍්‍රමිතිය සහතික කිරිමට තේ මණ්ඩලයෙන් නියෝග

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 14:28

අමු තේ දළුවලට ප‍්‍රමිතිය සහතික කිරිමට තේ මණ්ඩලයෙන් නියෝග

අමු තේ දළු ප‍්‍රමිතිය සහතික කිරිම සදහා වන නියෝග කිහිපයක් ශ්‍රී‍්‍ර ලංකා තේ මණ්ඩලය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අවම වශයෙන් නොමේරූ නොතැලුණු තේ දලු සියයට හැටක් සැපයිමට සැපයුම්කරුවන් වගබලා ගත යුතු බවයි තේ මණ්ඩලය පවසන්නෙ. දළු ප‍්‍රවාහනය කිරිමේදි සහ හැසිරවිමේදි ඒවාට හානි නොවන බවට ද සහතික කළ යුතුයි. ඊට අදාලව අනුමත කරන ලද බහාලුම් පමණක් භාවිත කළ යුතු බවද තේ මන්ඩය පෙන්වා දෙනවා.

සෑම ලියාපදිංචි තේ දළු සැපයුම්කරුවෙකුම රාති‍්‍ර 8.30ට පෙර තේ දළු කර්මාන්තශාලාව වෙත භාරදිය යුතු බවත් තේ මණ්ඩලය ප‍්‍රකාශ කළා. නියෝග කි‍්‍රයාත්මක නොකරන සැපයුම්කරුවන්ගේ බලපත‍්‍ර අහෝසි කිරිමට ද තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්