හොඳින් සැකසු ආහාර අනුභවයෙන් කුසගින්න වර්ධනය වන බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. ඇමරිකා ජාතික සෞඛ්‍ය ඒකකයයි අධ්‍යයනය සිදුකළේ. ඒ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. හොඳින් සැකසූ බොහෝ ආහාර වලට කෘතිම රසකාරක අන්තර්ගත බවයි අධ්‍යයනය සිදුකළ විශේෂඥයින් පෙන්වා දෙන්නෙ. සාමාන්‍ය ආහාර වේලකට වඩා අමතර කැලරි පන්සිය අටක් පමණ ඉන් ශරීරගත වන බව හඳුනාගෙන තිබෙනවා.
ආහාර රුචිය වර්ධනය වීම , ශරීරයේ බර වැඩිවීම , වකුගඩු ඇතුළු රෝග තත්ත්වයන් රැසක් ඇතිවීම එහි අහිතකර තත්ත්වයන්. ආහාරවල රසය සහ වේගයෙන් ආහාර අනුභව කිරිමේ හැකියාව හේතුවෙන් බොහෝ දෙනා හොඳින් සැකසු ආහාර අනුභවයට පෙළඹි සිටින බවද අධ්‍යයනයෙන් හෙළිවුණා.