ශ්‍රී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක කුමාර සංගක්කාර මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස නම්කර තිබෙනවා. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලය ඔහු නම්කර ඇති බවයි කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළේ. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සල වෙබ් අඩවියේද විස්තර විචාරකයන්ගේ නාම ලේඛනයට සංගක්කාරගේ නම ඇතුලත් කර තිබෙනවා.
මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියට එක්වන විස්තර විචාරකයන් අතරට ශ්‍රී‍්‍ර ලංකාවෙන් නම්කර ඇත්තේ කුමාර් සංගක්කාර පමණයි. සෙසු විස්තර විචාරකයන් වන්නේ නසාර් හුසේන්, ඉයන් බිසොෆ් , සව්රව් ගන්ගුලි, මයිකල් ඇතර්ටන් , ඇලිසන් මිචෙල්, බේරන්ඩන් මැකලම්, ග්රැහැම් ස්මිත්, වසිම් අක්රම්, ෂෝන් පොලොක් ඇතුළු 22 දෙනෙක්.