fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන පහසුකම්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 13:14

වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන පහසුකම්

වෙසක් උත්සවය වෙනුවෙන් සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ බස් සේවා කි‍්‍රයාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කළා. පූජනීය ස්ථාන වෙත ළඟාවිම සදහා මගී අවශ්‍යතාව මත බස් රථ යෙදවීමයි අරමුණ. ප‍්‍රාදේශීය කාර්යාල වෙත අවශ්‍ය උපදෙස් ලබාදි ඇති බවයි ලංගම ප‍්‍රධාන මෙහෙයුම් අධිකාරි නිහාල් හිඳැල්ලආරච්චි මහතා සදහන් කළේ.

බස්නාහිර පලාතේ මාර්ග 475ක් වෙනුවෙන් විශේෂ බස් සේවා කි‍්‍රයාත්මක බව බස්නාහිර පලාත් මාර්ගස්ථ මගි ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ප‍්‍රකාශ කළා.

වෙසක් උත්සවයට සමගාමිව සැදැහැවතුන් වෙනුවෙන් දුම්රිය සේවා ද කි‍්‍රයාවට නංවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්