fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරකරුවන් 762දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ හෙට නිදහස

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 12:08

සිරකරුවන් 762දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ හෙට නිදහස

බන්ධනාගාර ඉතිහාසයේ සිරකරුවන් වැඩිම පිරිසකට ජනපති පොදු සමාව යටතේ හෙට නිදහස හිමිවනවා. එම සංඛ්‍යාව 762ක්. මෙම පිරිසට නිදහස පිරිනැමීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී සිදු කෙරෙන බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසන්නේ.

පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම මීට පෙර සිදු කෙරුණේ දිවයින පුරා බන්ධනාගාර තුලදීයි. එහෙත් මෙවර සියලු සිරකරුවන්ට එකම ස්ථානයකදී නිදහස හිමිවීම විශේෂත්වයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපති පොදු සමාව ලබා දීමට නියමිතයි. නිදහස ලබන සිරකරුවන් 762 දෙදෙනාගෙන්  26 දෙනෙකු කාන්තාවන්. නිදහස ලබන සිරකරුවන්ගෙන් වැඩි පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට අයත්. එම සංඛ්‍යාව 117 ක්. ස්ත්‍රී දූෂණ, බාල අපරාධ හා මත්ද්‍රව්‍ය වැනි වැරදි සදහා දඩුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින අය අතුරිනුයි මෙම පිරිස තෝරාගෙන ඇත්තේ.

මේ අතර වෙසක් උත්සවයට සමගාමීව සිරකරුවන් බැහැදැකීමට ඥාතීන්ට හෙට දිනයේදී අවස්ථාව උදාවන්නේ නැහැ. ඒ වෙනුවට අනිද්දා සහ ඊට පසුදා ඒ සදහා අවස්ථාව සලසා ඇති බවයි බන්ධනාගාර මූලස්තානය නිවේදනය කරන්නේ. මෙවර වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් සදහා විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබීම ඊට හේතුවයි.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්