ගණිකා නිවාසයකින් අත්අඩංගුවට ගත් කාන්තාවන් අට දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කළා. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත්තේ ගල්කිස්ස වටරප්පල පාර ප්‍රදේශයෙන්. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදුකෙරුණා.
අවුරුදු 38 ත් 58 ත් අතර වයස්වල පසුවන සැකකාරියන් පාදුක්ක, මොරොන්තුඩුව, බෙන්තොට, ඉඹුල්ගොඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.