එක්දින සේවාව යටතේ හැදුනුම්පත් අයදුම් කිරීම ඉහළ ගොස් ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිනකට අයදුම්පත් දහසක් පමණ ඉදිරිපත්වීම සාමාන්‍ය තත්වයක්.
එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එය දෙදහසක් පමණ දක්වා වැඩිවී ඇති බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ. ඉන් වැඩි පිරිස මෙතෙක් කල් ජාතික හැදුනුම්පත වෙනුවට විදෙස් ගමන් බලපත්‍රය හෝ රියදුරු ගමන් බලපත්‍රය භාවිත කළ අය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.