මුස්ලිම් ප්‍රජාව ලෙස ස්වයං විවේචනයකට සූදානම් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළා. ඒ ෆෙරියල් අෂ්රොෆ්, ඉමිතියාස් බාකිර් මාකර් , අලි සබි්රන් ඇතුළු මහත්ම මහත්මිනේගේ සහභාගිත්වයෙන් පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මුස්ලිම් ප්‍රජාව කෙරෙහි විශ්වාසය කඩවීම සඳහා එම ප්‍රජාවේ අඩුපාඩු ද හේතු වන්නට ඇති බවයි කබීර් හෂීම් මහතා පවසන්නේ. මුස්ලිම් ප්‍රජාව එම වරද නිවැරදි කළ යුතු බව ඔහු සඳහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/4XF-_O3K1AU”]
ශ්‍රී‍්‍ර ලාංකිකයන් ලෙස යුතුකම් ඉටුකිරීමට මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාව උත්සාහ ගන්නා බවයි කබීර් හෂීම් මහතා පවසන්නේ. එහෙත් මුස්ලිම් ප්‍රජාව අතර දැනට පවතින ඇතැම් සංස්කෘතින් පිළිබඳ විවේචන එල්ලවී තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකාවට අහිතකර එවැනි සංස්කෘතින් සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි තීරණ ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.