fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතොස ගොඩනැඟිල්ලේ රහස් කාමර නෑ – අමාත්‍යංශය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 19:05

සතොස ගොඩනැඟිල්ලේ රහස් කාමර නෑ – අමාත්‍යංශය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි

සතොස ආයතනයේ වොක්ෂොල් වීදියේ පිහිටි ප්‍රධාන කාර්යාලය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සදහා නීත්‍යානුකූලව කුලී පදනම ලබා දී තිබෙනවා. සතොස සේවක පිරිසක් ඊයේ කියා සිටියේ ගොඩනැඟිල්ලේ ඇතැම් සැක සහිත කටයුතු සිදුවන බවයි. එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සමුපකාර තොග වෙළද සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අමාත්‍යංශයේ නිවේදනය පහතින්……

“ඉහත ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයක් වන බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරමි. වර්ෂ 2015 ට පෙර පාඩු ලබමින් සිටි සතොස ආයතනය වත්මන් ගරු ඇමතිවරයාගේ මගපෙන්වීම අනුව පැහැදිලි ප්‍රගතියක් ලබා ක්‍රියාත්මක විම නිසා මෙය හුදෙක්ම සතොස ආයතනය විනාශ කිරීමට, කීර්ති නාමයට හානි කිරීමට හා දේශපාලන වාසි ලබා ගැනිමට සීමිත පිරිසක් විසින් සිදු කරන ලද්දක් බව පැහැදිලිය.

සතොස ආයතනයේ වොක්ෂොල් වීදියේ පිහිටි ප්‍රධාන කාර්යාලය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සදහා නීත්‍යානුකූලව කුලී පදනම මත ලබාදී ඇත. මේ වනවිට පාරිභෝගික අධිකාරිය, ලංකා සතොස, සතොස ආරක්ෂක සහ පොදු (පෞද්) සමාගම, සතොස ඉදිකිරීම් සමාගම, සමූපකාර දෙපාර්තමේන්තුව, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සම්බන්ධ ව්‍යාපෘති කාර්යාලය, හා රජයේ විගණන අංශයද මෙහි පිහිටා ඇත.

යුරෝපා සංගමය හා රජය අතර ඇතිකරගත් ගිවිසුමක් අනුව ව්‍යාපෘති කාර්යාලයක් පවත්වාගෙන යාමට ඉඩ පහසුකම් සපයා ඇති අතර මෙම කාර්යාලය මගින් මෙරට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 08 ක පමණ අධාර ලබාදෙනු ලබයි.

ව්‍යාපෘති කාර්යාලය පවත්වාගෙන යාමට ඉඩ පහසුකම් සැපයීම රජයේ වගකීමක් වන බැවින් එම පහසුකම් රජයේ ක්‍රියාපටිපාටින් අනුව ලබාදී ඇත. හිටපු සියලුම අමාත්‍යවරු විසින් පවත්වාගෙන යනු ලැබූ 08 වන මහලේ පිහිටි කාර්යාලයම වත්මන් ගරු අමාත්‍යවරයා විසින්ද රාජකාරී කටයුතු සදහා භාවිතා කරනු ලබන අතර නිලධාරින්ගේ රැසවීම් සදහාද මෙම ස්ථානයම භාවිතා කරයි.

එමනිසා 08 වන මහලේ හෝ වෙනත් කසිදු ස්ථානයක රහස් කාමරයක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි.

ගොඩනැඟිල්ලේ පිටුපස රියදුරන්, ආරක්ෂක සේවකයන් සදහා අවශ්‍ය විට තවකාලිකව නවාතැන් ලබාගැනීම සදහා පහසුකම් සකස් කර ඇති අතර ඉහත කී සිද්ධියේදි මෙම එක් කාමරයක ඉහත කී ආයතනවල සේවකයකු අවසර සහිතව නවාතැන් ගෙන සිටින ලද අතර මෙම නතර වන සේවකයන්ගේ නාමලේඛනයක් අමාත්‍යාංශය වෙත ලබාදී ඇති අතර ඉහත කී සේවකයාගේ නමද එකී ලේඛනයේ සදහන්ව ඇත.

ආයතනයේ ඉල්ලීම මත පොලිසිය සහ හමුදාව විසින් අවස්ථා දෙකකදීම මෙම ගොඩනැගිල්ල සහ කාර්යාල පරිශ්‍රය පරීක්‍ෂාවට ලක් කර ආරක්ෂාව තහවරු කරන ලද අතර ආයතනයට ඇතුලු වන සියලු පුද්ගලයන් පරික්ෂා කිරීම වැනි සියලු ආරක්ෂක පියවරයන් ගෙන ඇති බැවින් සේවක ආරක්ෂාව තහවුරු කර ඇත. එමනිසා මෙම “ගොඩනැගිලේ ආරක්ෂාවක් නැත” යන්න කිසිදු පදනමකින් තොරව සිදු කරන ප්‍රකාශයක් බව ප්‍රකාශ කරමි.

ඉහත කී අසත්‍ය කරුණු ලබාදිම හා මාධ්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරනු ලැබේ.”

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 19:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්