පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දෙමාපියන් මියගිය පවුල්වල දරුවන් රැකබලා ගැනීම සදහා රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට වන්දි පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/qXOk6-0iGRc”]
කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට වන්දි මුදල් පිරිනැමීම මීගමුව තම්විට තිදිනල් කුරේ මධ්‍යස්තානයේදී සිදු කෙරුණා. මෙහිදී මියගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක අවම මුදලක් ද සිද්ධියෙන් තුවාල ලැබූ එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදලක්ද පිරිනැමුණා. තුවාල ලැබූවන් 130 දෙනෙකු සහ මියගිය පුද්ගලයින් 89 දෙනෙකු වෙත වන්දි මුදල් පිරිනැමීමයි අද (16) සිදුකෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.