fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමනයට එල්ලවූ ගුවන් ප‍්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 9 දෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 15:55

යේමනයට එල්ලවූ ගුවන් ප‍්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 9 දෙනෙකු මියයයි

යේමන අගනුවරට එල්ලවූ ගුවන් ප‍්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් හය දෙනෙකු මියගොස් තිබෙනවා.

එකම පවුලේ කුඩා ළමයින් හතර දෙනෙකු ද එම පිරිසට ඇතුලත්. සවුදි අරාබිය මූලික කරගත් ඒකාබද්ධ හමුදා ගුවන් ප‍්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නෙ. ප‍්‍රහාර වලින් තුවාල ලැබූවන් අතර කිහිප දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් වාර්තා පවසනවා. යුධ ගුවන් යානා යේමනයේ තොරතුරු අමාත්‍යාංශ ගොඩනැගිල්ලකට ද ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් සිදුවූ හානි මෙතෙක් වාර්තා කර නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්